Friday, April 30, 2010

කේන්දර ගැළපෙන්න ඕනෙමද?


කේන්ද්‍ර ගැලපීම යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ද යන්න ඔබ දන්නවා ද?


කේන්දර ගැලපීමේ දී කරන්නේ එක්‌ කේන්දරයක්‌ තවත් කේන්දරයක්‌ සමග සස¹ බැලීම යි. මෙය බොහෝවිට කරනු ලබන්නේ විවාහාභිමුඛ තරුණ තරුණියන් අතර ගැලපීමක්‌ තියේ ද යන්න සොයා බැලීමට යි. මෙය සබඳතාවයක පටන් ගැනීමේ දී කුතුහලය නිසා හෝ පසුව ප්‍රශ්නකාරී තත්ත්වයන් ගොඩ නැගීම නිසා හෝ කේන්දර බැලීමට වැඩිහිටියන් හෝ එම කේන්දරවල හිමිකරුවන් පෙළඹිය හැකියි. ඒ වාගේ ම එකම පවුලේ සාමාජිකයන් අතරත් අසමගිතාවයන් ඇතිවනවිට කේන්දර බැලීමක්‌ කිරීම සුදුසුයි. හවුල් ව්‍යාපාරයකදී ඊට සම්බන්ධ වන අය අතරත් කේන්දර බැලීමක්‌ කිරීම සුදුසුයි.


කේන්දර දෙකක්‌ ගැලපීම, පරීක්‌ෂාව සඳහා ඉදිරිපත් කළවිට ජ්‍යෙතිෂඥයන් පළමුවෙන් ම තක්‌සේරු කර බලන්නේ ඒ කේන්දර දෙක මගින් පිළිබිඹු වන ආකාරයට දෙදෙනා අතර සබඳතාවයට ඔවුන් දෙදෙනා තුළ ඇති හැකියාව කෙසේ ද යන්න යි.


උදාහරණයක්‌ ලෙස දක්‌වන්නේ නම් සංවේදීතාවය පිළිබඳ මූල ධාතුව වන ආපෝ දුබලවීම හෝ සබඳතාවයට මූලික වන චන්ද්‍රයාට හා සිකුරුට යුරේනස්‌ වෙතින් දුබල දෘෂ්ටි යෙදී තිබීම හෝ නිසා හැඟීම් ජනිතවීමේ ස්‌වභාවය දුර්වලව පැවතිය හැකිය. ඊළඟට කේන්දරවල මූල ධාතුවල සමතුලිතතාවය තක්‌සේරු කළ යුතුයි.


මුලින් සඳහන් කළ අන්දමට එකම මූල ධාතුවේ රාශි අතර ගැළපීමක්‌ ඇතත් එකම මූල ධාතුව වෙත වැඩි නැඹුරුවක්‌ ඇති පුද්ගලයන් දෙදෙනෙකු අතර වුවත් අපහසුතාවයන් ඇති බව අපටත් පෙනී ගොස්‌ ඇත.


උදාහරණයක්‌ දක්‌වන්නේ නම් පඨවි ධාතුවේම වන දෙදෙනෙකු ක්‍රියාකාරිත්වයෙන් තොරව සිටින්නට පුළුවනි. මෙයට හේතුවන්නේ ධාතුවේ ප්‍රබලව ඇති දෙදෙනෙක්‌ විසින් බුද්ධිමත් සංවාද ආදියෙහි ද මනා ලෙස සංවාදශීලී නමුත් දෙදෙනා අතර පෞද්ගලික අභ්‍යන්තර හැඟීම් හා කායික අංශයන්හිදී පෙර තරම් සාර්ථක නොවන නිසාය. තමන්ගේ හැඟීම්වලට මනාව ගැළපෙන එසේත් නැත්නම් තමන්ට මූල ධාතුවක්‌ එක්‌ කිරීමේ මැජික්‌ බලයක්‌ ජ්‍යෙතිෂඥයන් සතුව නැත. එහෙත් ප්‍රශ්නයත්a ඊට අදාළ අංශත් හඳුනාගෙන ඊට ගැළපෙන අදහස්‌ හා විසඳුම් ඉදිරිපත් කිරීමට ඔවුන්ට හැකිය.



එක්‌ අයෙකුගේ කේන්දරයේ ඇති ග්‍රහයන් හා අනෙක්‌ පුද්ගලයාගේ කේන්දරයේ ඇති ගZ්‍රහයන් අතර සම්බන්ධය ද කේන්දර දෙකක්‌ ගැලපීමේදී සැලකිය යුතු වැදගත් කාරණා වේ. යමෙකුගේ හඳහනේ ව්‍යාප්ත කාරක ග්‍රහයා වන බ්‍රහස්‌පති චන්ද්‍රයා වෙත සුබ දෘෂ්ටියකින් යුක්‌තවීම හෝ චන්ද්‍රයා සමග යෝගවීම හෝ පෙන්වාදෙන්නේ සහකරු හෝ සහකාරිය විසින් තමන් සතුටට පත් කරන බවයි.



චන්ද්‍රයා අනෙක්‌ කේන්දරයේ බ්‍රහස්‌පතිට පහර දෙන්නට පටන් ගැනීමෙන් ඇති වන හැඟීම් ප්‍රකාශනය ඒ තරම් ප්‍රශ්නයක්‌ නොවනු ඇත. හැම සම්බන්ධයක්‌ ම ධන මෙන්ම සෘණ ප්‍රතිඵල ද ගෙනදේ. එක්‌ ජෝඩුqවකගේ කේන්දර පරීක්‌ෂාවේදී පෙනී ගිය කරුණක්‌ නම්, පුරුෂයාගේ සෙනසුරු ස්‌ත්‍රියගේ රවි මහ පතිත වී ඇති අයුරුය. රවි හා සෙනසුරු/චන්ද්‍ර සම්බන්ධයන් දිගු කාලීන සම්බන්ධතාවන්හිදී පැන නගින බව පෙනී යයි. බැඳ තබා ගැනීමේ ලක්‌ෂණයක්‌ සෙනසුරුට තිබේ. මොවුන්ගේ සබඳතාවයන්හී මුල් අවුරුද්ද දෙක ඇතුලත කාන්තාවට දැනෙන්නේ ඇයගේ සහකරු සැලසුම් සහගත, ස්‌ථාවර හා ආරක්‌ෂාව ලබාදෙන ස්‌වාමි පුරුෂයෙකු ලෙස වේ.

0 comments:

 

blogger templates | Make Money Online