යොවුන් උපදේශනය
මා මෙම ලිපිය ඔබ වෙත ගෙන එන්නේ මා ගාල්ල “සර්වෝදය” ආයතනයට අනුබද්ධව EU / UNFPA / RHIYA ව්‍යාපෘතියේ දෑඅවුරැද්දක් “ යෙවුන් උපදේශක “ වරයෙක් ලෙස සේවය කිරීමෙන් ලද අත්දැකීම් තුලිනි.
උපදේශනය යනු විශේෂිත වූ සන්නිවේදන ක්‍රියාවලියකි. මේ මගින් යම් පුද්ගලයෙකුට අවබොධයක්නු යුතුව තීරණ ගැනීමට අවශ්‍ය හැකියාව වර්ධනය කරයි. මිනිසුන්ට තම ජීවිත කාලය තුලදී ජිවිතයට බෙහෙවින් බලපාන වැදගත් තීරණ ගැනීමට සිදුවේ. මෙම තීරණ තමාටම ගැනීමට අපහසු වූ අවස්ථා වලදී උපදේශනයේ පිහිට පැතීම ඉතා වැදගත්ය. ගැටලුවකට මුහුණ පා නිවැරදි තීරණයක් ගැනීමට අපහසුව සිටින පුද්ගලයෙකුට අවබෝධයකින්, නිදහස්ව, වගකීමකින් යුතුව පසුව පසුතැවිලි නොවන තීරණ ගැනීමට උපදේශනය තුලින් අවස්ථාව සැලසේ. උපදේශකවරයා, උපදේශය ලබන්නා තුල සැගවී ඇති හැකියාව තුලින් ඔහුටම නිවැරදි වූ තීරණයන්ට එලඹීමට උදව් වේ.
යොවුන් විය ජීවිතයේ සුවිශේෂ හා ප්‍රබෝධමත්ම අවධියයි. මෙම සුන්දර හා ප්‍රබෝධමත් බව නැතිවී යන ආකාරයට වත්මන් යොවුන් පරපුරේ ඇතමුන් ගැටලුවලට හා ප්‍රශ්ණවලට මැදිවී ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමට නොහැකිව සිත් තැවුල් වලින් පිරී සිටිනබව රහසක් නොවේ.
යොවුන් උපදේශනය යනු , එවන් ගැටලු සහිත යොවුනන් සදහා අවබෝධයකින් හා වගකිමකින් යුතුව නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය මගෙපන්වීමක් ලබාදීමයි. මෙහිදී යොවුනන්ටම විශේෂිත වූ ප්‍රශ්ණ ගැන යථාර්තවාදීව බැලීමටත්, උපදේශනය ලබන්නාට ගැටලුවෙන් අත්මිදීමට තුඩුදෙන සාධක පිලිබදව ගැඹුරැ අවෙබා්ධයක් ලබාගැනීමට මගපෑදීමත් , උදව්වීමත් ඒ තුලින් වගකීමකින් යුතු යොවුන්වියකට යොමුකිරීමක්ද සිදුවේ. යොවුන් විය ජීවිතයේ විශේෂ අවධියකි. එම විශේෂිත අවදියට ආවේනික ප්‍රශ්ණ පිලිබදව දැඩි අවධානයකට ලක්කිරීම උපදේශන සේවය මගින් සිදුකරයි.
වත්මන් යොවුන් පරපුර වෙනත් කිසිදිනක නොවු අන්දමේ සංකීර්ණ හා සමාජ සංස්කෘතික පරිවර්ථන ප්‍රවාහයක හසුවී ඇති අතර , ඔවුන්ට නව සමාජ බලපෑම් විසින් මතුවන පීඩනයන්ට ඔරොත්තුදීමට අපහසුවී ඇත. විවෘත ආර්ථිකය, ගෝලීයකරනය මාධ්‍ය ජාලයන්ගේ සිදුවූ සීඝ්‍රවර්ධනයේ ප්‍රතිඵලයක් වශයෙන් ලෝනය විශ්ව ගම්මානයක් බවට පත්වීම ආදී පරිභාහිර හේතු නිසා නව සංස්කෘතික රටා ,ජීවනරටා හා ලිංගික පුරැදුද අප සමාජය තුලට සංක්‍රමණය වෙමින් පවතී. නව යොවුන් පරපුරේ බොහෝ දෙනා මෙම බලපෑම් වලට ගොදුරැ වී ඒවායේ නිස්සාරකම තේරැම් කරගැනීමට නොහැකිව මානසික කඩාවැටීම් වලට භාජනය වී ඇත.ඒ අතර සෝචනිය සිදුවීම් වලින් අවසන් වන යොවුන් ජීවිත ගනනද විශාලය. මෙම වාතාවරණය තුල උපදේශනයේ අවශ්‍යතාව වඩාත් කැපී පෙනෙන අතර , යොවුන් මානසික සුවය සමාජයේ ඉදිරි ගමනට අත්‍යාවශය සාධකයක් බවට පත්වී ඇත.
විශේෂයෙන් ගැටවර වියෙන් ආරම්භ වන ලිංගික පරිණතියත් සමග ඇතිවන සීඝ්‍ර ශාරීරික වර්ධනයත් , බුද්ධි වර්ධනයත් යොවුනන්ට නව අත්දැකිම් මෙන්ම ගැටලු ගෙන ඒමට තුඩු දී ඇත. ශාරීරික හා බුද්ධි වර්ධනයට සමගාමිව චිත්තවේග වර්ධනය නොවීම නිසා ගැටීම් , මානසික අසහන , කඩාවැටිම් හා දුක් දොම්නසින් ගහණ
“ යොවුන් වියක් ‘’ සංකීර්ණ සමාජ වාතාවරණය තුලින් සැගවී ඇත. මේ නිසා ගුරැ දෙගුරැන්ට හා වැඩිහිටියන්ට අමතරව යොවුනන්ගේ මානසික සතුට වර්ධනයට මෙන්ම ඔවුන්ගේ පෞර්ෂයන් හැඩගැස්විමට අවශ්‍ය සේවා ලබාදිම කාලින අවශ්‍යතාවක් බවට පත්වී ඇත.


ඔහු, ගැටලුවේ ස්භාවයත් ,යථාර්ථයත් , එයට හේතු වූ පසුබිමත් , ඔබට වැටහෙන්නට සලස්වනු ඇත.ඔහු ඔබගේ කළ්‍යාණ මිත්‍රයෙක් වන්නේ ,ඔබට ගැටලුවෙන් මිදිමට මග පෙන්වන නිසාම නොවේ. ඔහු ඔබගේ ගැටලුවේ රහස්‍යභාවය සියයට සියයක්ම ආරක්ෂා කරදෙනු ඇත. එය කිසිවිටෙකත් හෙළි නොවන අතර, එය රැකීමට ඔහු ශපථ කර ඇත. මේ තත්වය තුල ඔබත් ඔබගේ උපදේශකවරයාත් අතර දැඩි විශ්වාසයක් ගොඩනැගෙනු ඇත.
විටක උපදේශකවරයා ඔබට සුහදව ඇහුම්කන් දෙන වැඩිහිටියෙකි. වරෙක ඔබට ගැටලුවෙන් මිදිමට අවශ්‍ය දැනුම දෙන වියෙතෙකි. තවත් විටෙක ඔබේ චෛතසිකයට කතාකරන මනෝෛවද්‍යවරයෙකි. කළණ මිතුරෙකි. තවත්වරක ඔබේ හදවත තේරැමි ගත් සහෘදයෙකි. එම නිසා යොවුන් ඔබගේ ගැටලුව කුමක් වුවත් හොදම පිලිතුර වන්නේ ඒ සදහා උපදේශන සහය ලබා ගැනිමට යොමුවිම හා පුරැදු වීමයි.

ඉන්පසුව ඔබට ලැබෙන්නේ මහත් සැහැල්ලුවකි. අස්වැසිල්ලකි. උපදේශකවරයා අපට උදව් වන්නේ මෙම සහනය ලබාතැනිමට අවශ්‍ය ශක්තිය ධෛර්යය අප තුල ඇතිකිරීමටය. සාර්ථක උපදේශන සැසියකින් පසුව කෙනෙකුට නව පණක් ලද්දෙකු මෙන් හත තුල මහ් සහනයක්, අභිමාණයක් හා ආත්ම තෘප්තියක් ඇතිවි පූර්ණ පරිනතියට පත්වූ බවක් දැනෙනු ඇත. මෙය මානසික සුවයයි. නැතහොත් විදීමකි. එය සාර්ථක ජීවිතයක ආරම්භයට කරන ආරාධනයකි. ඔබත් ගැටලුවෙන් මිදී අසහනයෙන් මිදී සර්ථක දිවිමගක් සදහා මුහුණ පාන ගැටලු නිසා සන්තාප නොවී උපදේශකවරයෙකුගේ සේවය ලබා දිවියේ ප්‍රසන්න බව අතවිදින්න...

0 comments:
Post a Comment